හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙරට ඉරාන තානාපති කාර්යාලයේදී සිය ශෝකය පළකර තිබුණා.