දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4,500 ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31) සිට පියවර ගෙන තිබෙනවා.
සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බවයි.
සංචරණ සීමා පැනවූ මුල් අවස්ථාවේදී දකුණ පළාතේ හා මධ්‍යම පළාතේ මත්පැන් අලෙවිහල්වලට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.