31 C
Colombo
Saturday, July 27, 2024

මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩු වෙනවා – ලොහාන් රත්වත්තේ

- Advertisement -

‘සිව් අවුරුදු සමාව ලබාදීම’ (The four-year pardon) වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටිනවා.

‘සිව් අවුරුදු සමාව ලබාදීම’ වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු කියා සිටියේ.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තු සංකිර්ණයේ දි කාරක සභාව රැස් විය.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

සුළු ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කාරක සභාවේ දී පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින බවත් ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූවන් බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන් රඳවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම අධිකරණ අමාත්‍ය අලි සබ්රිමෙහි දී පෙන්වා දුන්නා. බොහෝ අවස්ථාවලදී වරදකරුවන් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් රැඳවියන් 100 කගේ පමණ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කර සිටියා. ඉන් 29 ක් පමණක් කොවිඩ් 19 ධනාත්මක බවත්, ඉතිරි අයගේ PCR වාර්තා ලැබීමෙන් පසු මුදා හරිනු හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

මවුපියන් දෙදෙනාම අහිමි වූ ළමයින්, රිමාන්ඩ් කරන ලද ළමයින් සහ වැරදිකරුවන් වී ඇති ළමයින් එකම අනාථ නිවාසයක ජීවත් වන බවත්, ළමා මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමයින්ට සම්බන්ධ නඩු විභාග ප්‍රමාද වීම ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පෙන්වා දුන්නේ. පළාතකට ළමා අධිකරණයක් බැගින් ස්ථාපිත කරන ලෙසත්, මන්ත්‍රීවරයා යෝජනා කර සිටියා. මෙම යෝජනාව අගය කරමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවයි.

අධිකරණවල විභාගවන නඩු ප්‍රමාද වීම යන සාධකයේදී ලොව රටවල් 189 ක් අතරින් ශ්‍රී ලංකාව 165 වැනි ස්ථානයේ පසුවන බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා එය කණ්ගාටුවට කරුණක් බව ද පැවසුවා. වසර 25 කට වඩා වැඩි කාලයක් විසඳා නොහැකිව දිසා අධිකරණයේ සිවිල් නඩු 5000 කට අධික සංඛ්‍යාවක් විභාග වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා විනිසුරුවන් හා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ යුතු විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කර ඇති බවත්, අභියාචනාධිකරණයේ සේවය කළ විනිසුරුවන්ගේ සංඛ්‍යාව අභියාචනය 12 සිට 20 දක්වා වැඩි කර ඇති බවයි.

අධිකරණ පද්ධතිය පුළුල් කිරීමේ දී දැනට අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශය පිහිටා ඇති පරිශය ද ඒ වෙනුවෙන් භාවිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

-Newshub

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...