29 C
Colombo
Friday, June 2, 2023

දෙහිඅත්තකණ්ඩියේ සියලු වෙළෙඳසැල් වසාදැමේ

- Advertisement -

දෙහිඅත්තකණ්ඩිය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දැමීමට ඊයේ (12) එහි වෙළෙඳ ව්‍යාපාරික සංගමය තීරණය කළ අතර, අද (13) සිට එය ක්‍රියාත්මක ය.

සති පොළ ද සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ. පසුගිය සතියේ අම්පාර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් වැඩියෙන්ම හමුවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය දෙහිඅත්තකණ්ඩිය වේ. මේ වන විට එම ප්‍රදේශයේ පිහිටි මූලික රෝහලට අමතරව, කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ද පවත්වාගෙන යන අතර, ඒ සියල්ල ආසාදිතයන්ගෙන් පිරී පවතින අතර, ඉඩ පහසුකම් නොමැති වීම නිසා ආසාදිතයන් විශාල පිරිසක් නිවෙස්වල රඳවා සිටී.

දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දත්තවලට අනුව පසුගිය සති දෙකේදී ජනගහනයට සාපේක්ෂව මේ ප්‍රදේශයෙන් හමුවන ආසාදිතයන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගෙන ඇත. ජනගහනය 10,000කට හමුවන ආසාදිතයන් ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ 4.83කි. ගම්පහ දිස්ත්‍රික්කයේ 8.71කි. අම්පාර දිස්ත්‍රික්කයේ එය 7.37ක් වන අතර, දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ එය 10.01කි.

සෞඛ්‍ය විශේෂඥයන් විසින් දිගින් දිගටම ජනාධිපතිවරයාට අවධාරණය කර තිබුණේ මෙවැනි වසා දැමීමක් අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති අතර, රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසා තිබුණේ අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරයා විසින් බවයි. අද (13) සෞඛ්‍ය විශේෂඥයන් සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...