31 C
Colombo
Monday, June 17, 2024
spot_img

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනා

- Advertisement -

ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි.

මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන බවයි.

බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන්ද ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදි ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.

නමුත් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබෙන අතර ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණා.

මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් ඊයේ (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.

කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...