29 C
Colombo
Saturday, July 27, 2024

බැසිල්ගේ මන්ත්‍රීකමට හවුල්කාර පක්ෂ විරෝධයක

- Advertisement -

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් රැසක්ම විරුද්ධ වීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම්දීම ගැන අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම දේශපාලන ප්‍රහාර එල්ලකිරීමත් සමග හවුල්කාර පක්ෂ නායකයන් මේ ගැන සාකච්ඡාවට ගෙන තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයකු නිව්ස් 19ට මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් ලැබෙන පරිදි විසි වැනි සංශෝධනය සැකැසීමට තමා විරුද්ධ බවත් ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණිය ද ඊට එරෙහි වන බවත්ය.

මේ ගැන හවුල්කාර පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් වූ බවත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම් දීමට උත්සාහ කළහොත් දේශපාලන පක්ෂ එකතුව සිය සංයුක්ත මතය ප්‍රකාශ කරන බවත් එම නායකයා කීය.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...