25 C
Colombo
Saturday, March 25, 2023

ශ්‍රී ලංකාවට ඩොලර් එවන්න ඉඩ දෙන්න..! – දෙමළ ඩයස්පෝරාව ඉල්ලයි

- Advertisement -

ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බව ගෝලීය දෙමළ සංසදය පවසනවා.

පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 316කගේ තහනම පසුගිය දා ඉවත් කෙරුණා.

කෙසේ නමුත් ඩයස්පෝරාවට මෙරටට ඩොලර් ලබාදීමට හැකිවන පරිදි යහපාලන ආණ්ඩුව සමයේ සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවයි ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් පවසන්නේ.

ලබන මාසයේ ආරම්භවන ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කරගනිමින් මෙම තහනම ඉවත් කළ බවට විශ්වාස කරන බවයි බි්‍රතාන්‍යයේ සිට අදහස් දක්වමින් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අදින් ඇරඹෙන තාක්ෂණික මට්ටමේ සාකච්ජා සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහභාගිවන බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කරන්නේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය පහසුකම මේ වසර අවසන් වීමට ප්‍රථම ලබාගත හැකිවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...