27 C
Colombo
Saturday, May 11, 2024

කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා

- Advertisement -

කාබනික පොහොර නිෂ්පාදන සමාගමකට නරක්වූ මාළු බහාලු‍ම් 98ක් මෙරටට ගොඩබෑම සඳහා රේගුවේ ඉල්ලීම පරිදි ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණයවී තිබෙනවා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

මෙහිදී කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා.

විගණන නිලධාරීන් එහිදී සඳහන් කර ඇත්තේ බහාලු‍ම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි.

නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරණු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවයි.

එම බලපත්‍රය ලබාගැනීමට නම් අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලු‍ම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බව මෙහිදී අනාවරණයවි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...