29 C
Colombo
Saturday, July 27, 2024

අර්ජුන් ඇලෝසියස්ගේ ‘මෙන්ඩිස්’ මත්පැන් යළි නිෂ්පාදනයට අවසර

- Advertisement -

මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට ඔවුන්ගේ ස්කාගාරවල මත්පැන් නිෂ්පාදනය කිරීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සමාගම ක්‍රියාත්මක කිරීමට කරන ලද ඉල්ලීම් කිහිපයකට අනුව අදාළ අවසරය ලබා දී ඇති බවයි.

2018 ජනවාරි සිට බදු නොගෙවීම හේතුවෙන් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමට අයත් මත්පැන් ස්කාගාරයේ බලපත්‍රය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබුණා.

හිඟ බදු මුදල්, වාරික ගෙවීම් මඟින් ගෙවා දැමීමට සමාගම එකඟ වී ඇති බවත්, ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවත් කුමාරසිංහ මහතා පවසනවා.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක් වනවා.

ඔහුට අයත් පර්පචුවල් කැපිටල් ලිමිටඩ් විසින් 2011 දී ජනප්‍රිය මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම රුපියල් බිලියනයක මුදලකට මිලදී ගනු ලැබූවා.

එය එවකට අර්ජුන් ඇලෝසියස් මහතා විසින් සිදු කරන ලද වඩාත්ම වැදගත් අත්පත් කර ගැනීම ලෙසයි සදහන් වුණේ.

“2015 බැඳුම්කර වංචාවේ” ප්‍රධාන සැකකාර පුද්ගලයා ලෙසද අර්ජුන් ඇලෝසියස් මහතා නම් කර සිටින අතර ඔහු වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

ඔහු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාද වනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...