30 C
Colombo
Sunday, November 10, 2024

පළාත් අතර සංචරණ සීමා පැනවූවත් එය ක්‍රියාත්මක කෙරෙන දිනයක් තවම නැහැ

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සියලු පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කළත් එය ක්‍රියාත්මක වන දිනයක් පිළිබදව එහි සඳහනක් නොමැතිවීමෙන් මහජනතාව අතර ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම සාකච්ඡාවේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට අමතරව පිරිස එක්රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේදී හා රැදී සිටය හැකි පුද්ගලයින් සීමා කිරීමටත්, ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකළා කිරීමටත් තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

මෙම තීරණ එළැඹෙන මැයි 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බවයි නිවේදනයෙන් පැවසෙන්නේ.

කෙසේ වෙතත් අදාළ තීරණ ක්‍රියාත්මක වන්නේ කවදා සිටදැයි එහි සඳහන් වන්නේ නැහැ.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

අම්බලංගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ...

සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මත්පැන් නිෂ්පාදකයින් සඳහා පනවා ඇති බදු කාලවාරවල හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන්, සුරා බදු දෙපාර්තමේන්තුව මෙම මස 30 වනදාට පෙර සියලු හිඟ මුදල් ගෙවන්නැයි අවසන්...

අනුරගේ සිල්ලර කතා වැඩක් නෑ, දීපු පොරොන්දු ඉෂ්ට කරන්න – ලන්සා

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළ නොහැකි බවත් වේදිකාවේ දුන් පොරොන්දු ආදායම අඩු කර වියදම වැඩි කරන පොරොන්දු බව හිටපු...

POPULAR ARTICLES