28 C
Colombo
Saturday, July 27, 2024

ක්‍රීඩා අමාත්‍යවරයාට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ අනුව පෙත්සම සලකාබලන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර නොගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කළ නියෝගයේ සඳහන්.

පෙත්සම්කරුවන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ආකාරය වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මේ මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර කළා.

ඉන් අනතුරුව අධිකරණය විසින් නියෝග කළේ අදළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 19 වනදා කැඳවන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...