31 C
Colombo
Wednesday, March 29, 2023

තුන්වන ලෝක යුද්ධයට අතවනන ඇමරිකාව හා චීනය

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි බරපතල ප්‍රතිවිපාක පිළිබඳ චීනයේ දැඩි තර්ජන නොතකා අද (02) රාත්‍රියේ තායිවානයට පැමිණියා.

මේ සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස කුපිත වී ඇති අතර අමෙරිකානු කතානායකවරියගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර ලෙස චීන හමුදාව හෙට සිට දින 3ක් හමුදා අභ්‍යාස පවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

මීට අමතරව සිවිල් නැව් සහ ගුවන් යානාවලට, අභ්‍යාස කලාපවලට ඇතුළුවීම තහනම් කරමින්ද නිවේදනයක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

මෙය නැවතත් ලෝක යුද්ධයකට අතවැනීමක් බවට දේශපාලන විචාරකයින් පවසනවා.

චීනය විසින් බලහත්කාරයෙන් අයිතිය කියාපාන තායිවානයට වෙත වසර 25 කින් පසුව ගිය ඉහළම ඇමරිකානු නිලධාරියා වන්නේ කතානායක නැන්සි පෙලෝසියි.

පෙලෝසිගේ මෙම සංචාරය හරහා තායිවානය ස්වයං පාලිත රාජ්‍යයක් බවට ජාත්‍යන්තරය තුළ වටිනාකමක් එක්වීම චීනයේ දැඩි විරෝධයට හේතුවී තිබෙනවා.

තායිවානයේ ස්වෛරීභාවය ලෝක ප්‍රජාව පිළිගන්නා තත්ත්වයක් තුළ චීනය තම යුද ශක්තිය පෙන්වා තායිවානය යටත්කර ගැනීමට සූදානම් වන තත්ත්වයක් මේ වන විට ඇතිවී ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

මේ අතර ඇමරිකානු කතානායකවරිය තායිවානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමා ඇතුලු එක්සත් ජනපද නියෝජිත පිරිසගේ මෙම සංචාරය “තායිවානයේ විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයට සහය දැක්වීම සඳහා ඇමරිකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන්නක්” බවයි.

“තායිවානයේ සිදු කෙරෙන අපගේ සංචාරය පැහදිලිවම එරට කෙරෙන නියෝජිත කණ්ඩායම් සංව්හාර කීපයෙන් එකක් වන අතර එය කිසිඳු ආකාරයකින් දිගුකාලීන එක්සත් ජනපද ප්‍රතිපත්තියට පටහැනි නොවේ,” ඇය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...