31 C
Colombo
Saturday, July 27, 2024

ඉරාන ජනපතිගේ අනතුරට අමෙරිකාවට චෝදනා

- Advertisement -

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අමෙරිකාවට චෝදනා කර තිබෙනවා.

ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් මෙම චෝදනාව එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු පවසන්නේ, අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.

ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුලත් වනු ඇති බව ඔහු සදහන් කරනවා.

පෙරේදා (19) සිදු වූ අනතුරින්, ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හුසේන් අමීර් ඇතුළු 9 දෙනෙකු මිය ගියා.

මේ හේතුවෙන් ඉරානයට දින 5ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...