28.9 C
Colombo
Monday, June 17, 2024
spot_img

ඉන්දියාව අස්ථාවර කරන්න ඇමෙරිකාවෙන් සූදානමක්?

- Advertisement -

ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරනවා.

රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කිරීමත් සමඟයි.

රුසියන් රජය වෙනුවෙන් මෙසේ චෝදනාව කර ඇත්තේ එරට විදේශ අමත්‍යාංශයයි.

රුසියන් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා පෙන්වා දී ඇත්තේ, ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඇමෙරිකාවට කිසිදු අවබෝධයක් නැති බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම ආගමික නිදහස සම්බන්ධයෙන් ඇමෙරිකන් රජයට පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවයි.

ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙන අතර, එය අදියර හතකින් පැවැත්වෙනවා.

මැතිවරණය අවසන් වන්නේත් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේත් එලැඹෙන ජූනි මාසයේ වන අතර, මැතිවරණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මාසයේයි.

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා තිබෙනවා.

මැතිවරණය පැවැත්වෙන අතරතුරේ, ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට හේතුවක් යැයි රුසියාව චෝදනා කර ඇත්තේ මේ නිසායි.

RECENT ARTICLES - SINHALA

සුදු වැන් එකකින් තරුණයෙක් පැහැරගෙන

0
සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙසේ...

මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව)...

ලංකාවේ අනාගතය ඉදිරි වසර පහ තුළ තීරණය කරනවා-රනිල්

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...