31 C
Colombo
Saturday, May 11, 2024

බෝට්ටුවක් තුළ අතහැර ගිය දින 21 ක බිළිඳියක් ඉන්දියාවේ ගංඉවුරකින් හමුවෙයි (වීඩියෝ)

- Advertisement -

කුඩා ප්‍රමාණයේ පෙට්ටියක දමා බෝට්ටුවක් තුළ අතහැර ගිය දින 21 ක බිළිඳියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ගාසිපූර් හි ගංඉවුරකින් මුණ ගැසී තිබේ.

බිළිඳිය දමා තිබූ කුඩා ප්‍රමාණයේ පෙට්ටිය විෂ්ණු දෙවියන් සහ දුර්ගා මෑණියන්ගේ රූපවලින් සරසා තිබුණු බව පැවසේ.

බෝට්ටුව තුළ බිළිදෙකු හඬන හඬක් ඇසී කළ සොයා බැලීමක දී බෝට්ටුකරුවෙකු හට දරුවා හමු වී ඇත.

පෙට්ටිය තුළ දරුවාගේ කේන්දර කාඩ්පත ඇගේ උපන්දිනය මෙන්ම ඇගේ නම ගංගා බවට හැඳින්වූ සටහන් පතක් තිබී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

බෝට්ටුකරුවෙකු වූ ගුලු චෞද්‍රි නම් දැරිය බේරාගත් තැනැත්තා දැරිය ආදරයෙන් වඩා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබේ.

බෝට්ටුකරු චෞද්රි දැරිය බේරා ගැනීමේ දී පෙන්වූ මනුෂ්‍යත්වයේ අසම සම ආදර්ශය වෙනුවෙන් නිවසක් සහ වෙනත් රාජ්‍ය ප්‍රතිලාභ ද පිරිනැමීමට නියමිත බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේය.

RECENT ARTICLES - SINHALA

මරදගහමුල ප්‍රදේශයේදී කාන්තාවකට සහ දරුවකුට පහර දුන් කාන්තාවට පොලිස් අත්අඩංගුවට

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයක අද(11) උදෑසන මාසෙ වැටුප ඉල්ලන්න ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය විසින් පහර දී තිබුණා. ඉන් පසුව පහර...

ද්විත්ව පුරවැසිකම තියනව නම් නම්බුව තියන් අයින් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි (වීඩියෝ)

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව ඕමල්පේ සෝභිත හිමියන්...

බලංගොඩ බිහිසුණු අනතුරකින් පාස​ල් සිසුවියකට බරපතළ තුවාල

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...