27 C
Colombo
Friday, May 3, 2024

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

- Advertisement -

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්  15% ක් පමණ කෘෂිකර්ම  වැඩබිම්වල සේවය කරන අතර ඉතිරි පිරිස  ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ නිරතව සිටිනවා.

තානාපතිවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයේ උතුරු  කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද , ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවයි.

ඒ අනුව, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද  නව ස්ථානවලට ගොස් ඇති බව නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් බවවත් ඒ අනුව ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව තානාපතිවරයා තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත්, පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසද ඔහු දැනුම් දෙනවා.

තානාපති නිමල් බණ්ඩාර මහතා තවදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට  ගමන් ගන්නා බොහෝ ගුවන් ගමන් ඊශ්‍රායල් කලාපය හරහා ගමන් ගන්න බැවින් නිරන්තරයෙන් ගුවන් ගමන් වෙනස්වීම් හා ආරක්ෂක හේතු මත ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...