28 C
Colombo
Monday, June 24, 2024
spot_img

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

- Advertisement -

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්ව අනධ්‍යයන සේවකයින්ට සේවය සඳහා වාර්තා කරන ලෙසයි.

එමෙන්ම, 2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමට එහිදී තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

නව රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

කලාවැවේ පුරාවස්තු කැනීමේ සිද්ධිය ගැන පාර්ශ්ව 2කින් විමර්ශන

කලාවැවේ ප්‍රධාන වේල්ල අසළ කිසියම් පිරිසක් පුරාවස්තු කැනීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව අද(24) දිනයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙණ්ඩිස් මහතා වෙත භාරදීමට නියමිතව...

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රවි සෙනෙවිරත්න

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...