25 C
Colombo
Sunday, May 19, 2024

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

- Advertisement -

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2004 සිට සිය සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව අදාළ නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදෙනවා.

මේ අතර තම සමාගම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය ප්‍රංශය ජර්මනිය ඉතාලිය ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රියා, ලැට්වියා, හංගේරියාව, ක්‍රොඒෂියාව, මෝල්ටාව සහ ග්‍රීසිය ඇතුළු රටවල් 23කට අදාළ වීසා අයදුම්පත් සකස් කිරීමේ කාර්යය සිදුකරන බවද එම සමාගම පවසනවා.

එසේම තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ සහ යාපනයේ ක්‍රියාත්මක කෙරෙන වීසා මධ්‍යස්ථාන 6ක මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම මධ්‍යස්ථාන තුළ ශ්‍රී ලාංකිකයින් 123ක් සේවයේ නිරතව සිටින බවයි.

එසේම 2004 වසරේ සිට සිය මෙහෙයුම් ආරම්භ කර මේ වනවිට වීසා අයදුම්පත්‍ර මිලියන 3.2කට අධික ප්‍රමාණයක් සඳහා සේවා සැපයීමේ කටයුතු ඔවුන් සිදුකර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ නව E-Visa ක්‍රමවේදය සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව තම VFS Global සමාගමට අමතරව GBS Technology Services සහ IVS Global FZCO සමාගම් සමග ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළැඹුණු බවද එම සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඔවුන්ගේ කාර්යය වනුයේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ පරිපාලනමය සහ විනිශ්චයන් නොවන කාර්යයන් කළමනාකරණය කිරීම පමණක් බවත් සිය නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදී තිබෙනවා.

එසේම වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අවසන් තීරණය ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණක්ම හිමිවන බවද සිය නිවේදනය මගින් VFS Global සමාගම වැඩිදුරටත් පවසනවා.

එම නිවේදනයේ අවසාන වශයෙන් දැක්වෙන්නේ මෙම නව E-Visa ක්‍රමවේදය තායිලන්තය, ඩුබායි, අසර්බයිජානය, ඉක්වටෝරියල් ගිනී සහ සුරිනාම් ඇතුළු රාජ්‍යන් 12ක VFS Global සමාගම හරහා ක්‍රියාත්මක වන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...