උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට වාර්තා වනවා.
මෙම ප්‍රහාරයෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු තුවාල ලබා අති අතර ඔවුන් දෙදෙනා නාගපට්ටිනම් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එක් ධීවරයෙකුගේ හිසට බරපතල ලෙස ප්‍රහාර එල්ලවීම නිසා ඔහුගේ තත්තවය බරපතළ බව රාමේස්වරන් ධීවර සංගමයේ නායකයින් පවසා තිබෙන බවට වාර්තා වනවා.
ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුවේ තිබූ පණිවුඩ හුවමාරු යන්ත්‍රය ,ධීවරයින්ට අයත් මුදල් ජංගම දුරකතන හා තවත් උපකරණ කීපයක් මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී යාත්‍රාව තුළ ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු සිට ඇති අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාගපට්ටිනම් වෙරළට නාවික සැතපුම් 15ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේදී.