31 C
Colombo
Saturday, July 27, 2024

සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

- Advertisement -

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට එල්ලවු මිසයිල ප්‍රහාරයකින් නිලධාරීන් 7දෙනෙකු මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසා තිබෙනවා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය විසින් චෝදනා කරනවා.

ප්‍රහාරයෙන් ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි මියගිය අය අතර වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ප්‍රහාරයෙන් කොන්සියුලර් කාර්යාලයේ මහල් ගොඩනැගිල්ලක්, සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් .

කෙසේවෙතත් විදෙස් පුවත් වාර්තාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...