28 C
Colombo
Saturday, July 27, 2024

සිරස වසා දැමීමේ උත්සහයක්? – පාර්ලිමේන්තුව උණුසුම් (VIDEO)

- Advertisement -

සිරස මාධ්‍ය ජාලය තහනම් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස හෙළි කිරීමෙන් පසු ඊයේ (07) පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වතාවරණයක් ඇති විය.

රජයේ ඉහළ පෙළේ පුද්ගලයින් සිරසට එරෙහිව නීතිඥයින් කණ්ඩායම් සමඟ කුමන්ත්‍රණය කරමින් සිටින බවත් සිරස මාධ්‍ය ජාලය නිහඬ කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

මෙම ප්‍රකාශයෙන් පසුව පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

අපක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණය කළ රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදින්ට අද වන තුරුත් සිදු වූ දෙයක් නොමැති බව පෙන්වාදුන් වෙළෙඳ අමාත්‍යවරයා, වත්මන් රජය කිසිදු මාධ්‍ය ආයතනයක් මර්ධනය සඳහා කටයුතු නොකරන බවයි පැවසුවේ.

රජය, මාධ්‍ය නිදහසට ගරු කරන බවත් ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් උදෙසා රජය සෑම අවස්ථාවකම ඉඩ ප්‍රස්ථා ලබා දෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, කඩා වැටුණු ආර්ථිකයක් නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව දිනපතාම කරන මෙවැනි ප්‍රකාශ, හෙළා දකින බවත් ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...