31 C
Colombo
Saturday, July 27, 2024

නීතිඥ සංගමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට පහසු ජයක් (සියලු ප්‍රතිපල ලැයිස්තුව)

- Advertisement -

අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේදී පහසු ජයක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අත්කරගෙන තිබෙනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 85 ක් තුළ පැවති නිලවරණයේදී නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නිතීඥවරුන් වන කුවේර ද සොයිසා සහ සාලිය පීරිස් තරඟ වැදුනා.

මේ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීමේ කටයුතු අවසන්ව ඇති අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඡන්ද 5162 ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා හට ලබාගත හැකිව තිබෙන්නේ ඡන්ද 2807 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 2355 කින් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබෙනවා.

රටේ පවතින තත්ත්වය හමුවේ නිලවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වූ අතර, ඡන්දදායකයින් සඳහා කොළඹ අධිකරණය තුළ දිසා අධිකරණ පරිශ්‍රයේ ඡන්ද මධ්‍යස්ථාන තුනක ඡන්දය ලබාදීමට ඉඩ සලසා තිබුණා.

දිවයින පුරා පැවති ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ අපේක්ෂකයින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින්,

පේදුරුතුඩුව
සාලිය පීරිස් – 24
කුවේර ද සොයිසා – 0

වව්නියාව
සාලිය පීරිස් -28
කුවේර ද සොයිසා – 04

කිලිනොච්චි
සාලිය පීරිස් – 08
කුවේර ද සොයිසා – 02

මල්ලාක්කම්
සාලිය පීරිස් – 13
කුවේර ද සොයිසා – 0

මුලතිව්
සාලිය පීරිස් – 04
කුවේර ද සොයිසා – 03

මන්නාරම
සාලිය පීරිස් – 16
කුවේර ද සොයිසා – 07

යාපනය
සාලිය පීරිස් – 51
කුවේර ද සොයිසා -10

මහව
සාලිය පීරිස් – 11
කුවේර ද සොයිසා – 6

නිකවැරටිය
සාලිය පීරිස් – 11
කුවේර ද සොයිසා – 0

මඩකලපුව
සාලිය පීරිස් – 38
කුවේර ද සොයිසා – 20

ගම්පහ
සාලිය පීරිස් – 114
කුවේර ද සොයිසා – 100

කුරුණෑගල
සාලිය පීරිස් – 192
කුවේර ද සොයිසා – 43

කළුතර
සාලිය පීරිස් – 77
කුවේර ද සොයිසා – 52

ඇඹිලිපිටිය
සාලිය පීරිස් – 42
කුවේර ද සොයිසා -15

මාතලේ
කුවේර ද සොයිසා – 27
සාලිය පීරිස් – 23

බද්දේගම
සාලිය පීරිස් – 9
කුවේර ද සොයිසා – 6

නුවරඑළිය
සාලිය පීරිස් – 24
කුවේර ද සොයිසා – 12

දඹුල්ල
සාලිය පීරිස් – 10
කුවේර ද සොයිසා – 03

හලාවත
සාලිය පීරිස් – 22
කුවේර ද සොයිසා – 15

කොළඹ 1 වන මධ්‍යස්ථානය
සාලිය පීරිස් – 510
කුවේර ද සොයිසා – 213

කොළඹ 2 වන මධ්‍යස්ථානය

සාලිය පීරිස් – 791
කුවේර ද සොයිසා – 393

කොළඹ 3 වන මධ්‍යස්ථානය
සාලිය පීරිස් – 1112
කුවේර ද සොයිසා – 521

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...