කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා.
එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා.
පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව කලබලයට පත්ව ඔවුන් සිටි ස්ථාන වලින් දිවගොස් බේරීමට කටයුතු කර තිබූ බව වාර්තා වනවා.
නවම් මහා පෙරහැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළා.