28.9 C
Colombo
Tuesday, June 24, 2025

ගෝල්ෆේස් පහරදීමක් ගැන වසරකට පසුව විමර්ශනයක්

- Advertisement -

ගාලුමුවදොර දී 2022 ඔක්තෝම්බර් 09 වැනිදා පැවැති සාමකාමී සැමරුමකට පොලිසිය පහර දුන්නේයැයි කියමින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව එම පැමිණිල්ලෙන් වසරකට පසු කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරී සමන් කිරිඇල්ල මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයට අදාලව පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගෙන් සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අද (13) ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.

2022 ජූලි නම වැනිදා සිට සෑම නව වැනිදාවකම සාමකාමී සැමරුමක් ගාලුමුවදොරදී පවත්වාගෙන ආ බවත්, ඔක්තෝබර 09 වැනිදා පැවැති එම සාමකාමී සැමරුම අතරට කඩා වැදුණු සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක්, මරදාන පොලිස් ස්ථානාධිපති ඇපලකොටුව සහ කොම්පඤ්ඤවීදිහ හිටපු පොලිස් ස්ථානාධිපති රාජපක්ෂ ඇතුළු පිරිසක් විරෝධතාකරුවන්ට කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකූ බවත් තරිඳු ජයවර්ධන තම කටඋත්තරය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් සිසුවකුට, කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට ද පොලිසිය මෙම අවස්ථාවේදී අඩත්තේට්ටම් කළ බව ද එහි සඳහන් වනවා.

එසේම මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2022 ඔක්තෝබර 10 වැනිදා බවත්, පැමිණිල්ලේ සැකකරුවන් ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරී දිල්රුක් ඇතුළු පිරිසක් නම් කර ඇති බවත්, ඒ හේතුවෙන් මෙම පැමිණිල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලවා විමර්ශනය කරන ලෙස ඉල්ලා තිබියදී පැමිණිල්ලෙන් වසරකට පසු එනම් 2023 ඔක්තෝබර් මස 10 වැනිදා එම පැමිණිල්ල සැකකරුවන් වෙතම විමර්ශන කිරීමට එවීම ගැටලුසහගත බවත් තරිඳු ජයවර්ධන වැඩිදුරටත් තම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

වසරක් තිස්සේ පොලිස් නීති කොට්ඨාසය මෙම පැමිණිල්ල තම කොට්ඨාසයේ තබා ගනිමින් අවශ්‍ය නීති උපදෙස් නොදී තබා ගැනීම ගැනද විමර්ශනයක් සිදුවිය යුතු බව ද, සිද්ධියට අදාල සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව වද හිංසා පනත යටතේත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේත් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන ලෙස ඔහු තම පිටු තුනක කටඋත්තරය මගින් ඉල්ලා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණයෙන් කොළඹ මධ්‍යම සහකාර පොලිස් අධිකාරී සමන් කිරිඇල්ල මහතා විසින් සිදුකරගෙන යනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

POPULAR ARTICLES

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...