29 C
Colombo
Sunday, March 16, 2025

කෝප් සභාපතිගේ හස්ත සංඥා ගැන පරීක්ෂණයක් ඕනෑ – සජිත් (වීඩියෝ)

- Advertisement -

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් ඊයේ (14) පැවති කෝප් කමිටු රැස්වීමේදී කමිටු සභාපතිවරයාගේ හැසිරීම ගැටලු සහගත බව විපක්ෂ නායකවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නා.

සජිත් ප්‍රේමදාස මහතාට අමතරව නලීන් බණ්ඩාර සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. එකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා අපි හිතන විදියට. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතළයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබාදෙන උත්තර පිළිබඳ. මේක බරපතළ කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න.”

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES