26 C
Colombo
Friday, May 17, 2024

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක දේශපාලන පක්ෂ 18ක නියෝජිතයන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ප්‍රධානී සුමුදු කැකුළන්දල මහතා සහභාගී වී තිබෙනවා.

ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ, විදේශීය දේශපාලන පක්ෂ සහ නියෝජිතයින්ට ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හෙවත් ඉන්දීය මහ මැතිවරණය පසුගිය අප්‍රේල් 09 අරම්භ වු අතර, එය ලබන ජුනි 01 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, එරට ලෝක් සභාවට නියෝජිතයින් තොරා ගැනිමේ මැතිවරණ ක්‍රියාදාමය නිරීක්ෂණයට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට විදෙස් රටවල දේශපාලන පක්ෂ හා නියෝජිතයින්ට මෙලෙස ඇරියුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...