නේපාලයේ ආයෝජනය වැඩි කිරීම ගැන සලකා බලන ලෙස ඉන්දීය ව්යාපාරික ප්රජාවට ආරාධනා කරන බව ඉන්දියාවේ නේපාල තානාපති ශංකර් ප්රසාද් ෂර්මා පවසනවා.
ඔහු පවසන්නේ, නේපාලය තුළ ආයෝජන ප්රවර්ධනය කිරීමේදී ඉන්දියාව අංක එකේ පසුවන බවයි.
එමෙන්ම නේපාලයේ විශාලතම ආයෝජකයා වන්නේද ඉන්දියාව බව ශංකර් ප්රසාද් ෂර්මා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ, ඉන්දියාවේ පැවැති “Industry Outreach Meet” වෙත සහභාගි වෙමින්.
එමෙන්ම ඉන්දීය ආයෝජකයින් නේපාලයට ගොස් ජල විදුලි ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට උනන්දු විය යුතු බවද ඔහු පවසනවා.
මේ වනවිටත් නේපාලයේ මුළු ආයෝජනවලින් තුනෙන් එකක හිමිකාරත්වය දරන්නේ ඉන්දියාව බවයි ඉන්දියාවේ නේපාල තානාපති ශංකර් ප්රසාද් ෂර්මා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.