27.8 C
Colombo
Monday, December 2, 2024

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

- Advertisement -

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල ගැන්විමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පවසනවා.

ලැබුණ පැමිණිලි මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් එක්වි මෙම වැටලිම සිදුකර තිබු අතර, ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂව ලබා දීමට කටයුතු කර තිබුණා.

පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙ ඖෂධ ඉවත් කරන ලෙසට මීට පෙර කළ දැනුම් දීම් පවා නොතකමින් පවත්වාගෙන ගොස් තිබු බව වාර්තා වනවා.

ඖෂධ නියාමන අධිකාරීය සඳහන් කරන්නේ, වැටලිම සිදුවන අවස්ථාවේදි ඖෂධ අලෙවි කරමින් සිටි බවත්, අලෙවි කිරීම සදහා තිබු ලක්ෂ 10 කට අධික විවිධ ඖෂධ වර්ග සියල්ල පුත්තලම ඖෂධ නියාමන අධිකාරිය බාරයට ගෙන ඒම ස්ථානයට මුද්‍රා තැබිමට කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES