28.9 C
Colombo
Thursday, March 27, 2025

කොළඹ අනවසර ඉදිකිරීම් ගැන රජයෙන් හදිසි තීරණයක්

- Advertisement -

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් W.S සත්‍යානන්ද මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනලට ලබාදෙන බවද සත්‍යානන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවයි.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජලගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පවසනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන එක්ව කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර බැසයාම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා සඳහන් කළා.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරනු ලබනවා.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වනු ඇති.

කොළඹින් පිට ජලාපවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිළියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාපවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජලපෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.

RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...