එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊයේ (08) උදෑසනද එම ස්ථානයේදී මෝටර් රථයක් දුම්රිය දෙකක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.