29 C
Colombo
Thursday, July 17, 2025

ගෝල්ෆේස් අරගලයට ජවිපෙන් තවත් ප්‍රහාරයක්..!

- Advertisement -

අරගලයට ජවිපෙ අවශ්‍ය නොමැති බවට වැරදි මතවාදයක් ඇතැමුන් විසින් පැතිරවූ අතර එවන් වැරදි මතවාදයකට කොතරම් හානියක් කළ හැකිද යන්න ගෝල්ෆේස් අරගලයෙන් පැහැදිලි වූ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ “චේ ගුවේරා සමරුව” අමතමින්.

අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බවත් ඔහු පවසනවා.

එවන් තත්වයක් ඇතිවූයේ ගෝල්ෆේස් අරගලය තුළ සිටි කණ්ඩායමක් රාජපක්ෂ විරෝධයටත් වඩා ජවිපෙ විරෝධය අංක එකට ගෙන තිබීම නිසා බවටයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

එයින් අනතුරුව මෙම අරගලයට බොළඳ, මෝඩ, නිර්දේශපාලනික සටන් පාඨ රැගෙන පැමිණි බවත් ඒවා ගෙන ආවේද දේශපාලනය කරන අයම බවත් එක් කණ්ඩායමකට වඩා එතැන සිටි නිසා තමන් ඔවුන්ගේ නම් සඳහන් නොකරන බවත් බිමල් රත්නායක පවසනවා.

ආණ්ඩුවක් යනු දැවැන්ත අත්දැකීම් සහිත යාන්ත්‍රණයක් බව පැවසූ ඔහු ඔවුන් සමග හැප්පීමට කුකුළු පැටවුන්ට බැරි බවත් අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES