යළිත් රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීමේ සැලසුමක් සම්බන්ධව බුද්ධි අංශ පුර්ණ අවධානය යොමුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගියදා මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක පැවැත්වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වුවා.
එහිදී විරෝධතාවකදී හමුදාවට සහ පොලීසියට මුහුණ දෙන අයුරු සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදුන් බවද ඔහු සඳහන් කළා.