25 C
Colombo
Monday, March 17, 2025

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙක්?

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියක් වන හිෂලිනිට පෙර බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.

එම බාල වයස්කරුවන් දෙදෙනාම එකම ආයතනයක් හරහා බදියුදීන් විසින් ලබාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා ප්‍රකාශ කර සිටින්නේ.

හිෂාලිනිට පෙර බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙම බාල වයස්කරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් හිෂලිනි ජූලි 3 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඇය ජූලි 15 වන දින මිය ගියාය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...