28 C
Colombo
Saturday, April 19, 2025

චමරිගෙ වාර්තා රැසක් සමඟින් කාන්තා කණ්ඩායමට තවත් එක්දින තරගයක ජයක්

- Advertisement -

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා–දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලිය 1 – 1 ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(17) සමත් වුණා.

ඊයේ පැවති තෙවන එක්දින තරගය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කල තරගයක් වූ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් පන්දු 139කදී නොදැවී ලබාගත් වේගවත් ලකුණු 195 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර පහක් ඉතිරිව තිබියදී පහසු ජයක් හිමිවුණා.

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 301ක් රැස්කිරිමට සමත් වුණා.

ඒ අනුව ලෝරා වොල්වාඩ්ට් පන්දු 147කින් වේගවත් 184ක් සහ මරිසන් කැප් පන්දු 34කින් ලකුණු 36ක් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු 2ක් ද, චමරි අතපත්තු ලකුණු 59කට කඩුලු 1ක් ද දවා ගත්තා.

පිළිතුරු ලෙස ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කරමින් එම ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිමට සහයක් ලබාදෙමින් නිලක්ෂි ද සිල්වා පන්දු 71ක් තුල ලකුණු 50 රැස් කළා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොංගා කාකා ලකුණු 54කට කඩුලු 2ක් ද, නදීන් ඩි ක්ලර්ක් ලකුණු 59කට කඩුලු 1ක් ද බිඳ දැමුවා.

මෙම හඹා යෑම ජාත්‍යන්තර එක්දින තරගයක හඹායාමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු ගණනේ වාර්තාව තමන් සතු කර ගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුයේ මෙග් ලෙනින් විසින් රැස්කළ ලකුණු 152ක වාර්තාව බිද දමමින් .

එමෙන්ම අන්තර්ජාතික එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ තෙවන විශාලතම ඉනිම ලෙස ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක්වනවා.

තවද චමරි අතපත්තුගේ ලකුණු 195 ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී කාන්තා ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායම හඹා ගිය ලකුණු 302 වාර්තා අතරට එක්වුයේ කාන්තා එක්දින තරගයකදී හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා සේදී ගිය අතර, දෙවන තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළා.

තෙවන සහ තීරණාත්මක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලිය සම ලෙස අවසන් වුණා.

සිය හොඳම එක්දින ඉනිම වාර්තා කල චමරි අතපත්තු අවසන් තෙවන එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 335ල් රැස්කළ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ්ට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...