27 C
Colombo
Sunday, May 19, 2024

ඇල්පිටියේ වෙඩි තැබීමේ තවත් පුද්ගලයෙක් මරුට

- Advertisement -

පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කල සිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු සහ මාර්ගයේ ගමන් කළ කාන්තාක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබු අතර වෙඩි තැබීමට ටී – 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ඒ අනුව එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ ඊයේ(11) රාත්‍රියේ වෙළදසැළක් තුළ සිදුවූ වෙඩි තැබීමකින්ද පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙන අතර මේ සඳහාද  ටී – 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළකරනවා.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...