29 C
Colombo
Saturday, July 27, 2024

සීනි ව්‍යාපාරිකයාගේ තවත් මගඩියක්. නාවල පාරේ අනවසර ඉදිකිරීමක්

- Advertisement -

නාවල පාරේ, සේනානායක මාවත අසල අනවසර ඉදිකිරීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සේනානායක මාවත වෙත නාවල පාරෙන් හැරෙන මංසන්ධියේ ඉදිකර ඇති ගොඩනැගිල්ල හේතුවෙන් සේනානායක මාර්ගයද මේ වන විට අවහිර වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මෙම ඉඩම හිටපු නාගරික මන්ත්‍රී ඔල්බන් පෙරේරා මහතාට අයත්ව තිබූ අතර මේ වන විට ඔහුගේ දියණියගේ සැමියා වන මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙන සීනි ආනයනයට සම්බන්ධ ව්‍යාපාරිකයා සතුවනවා.

ඒ අනුව මෙම ඉඩමේ මේ වන විට සුපිරි වෙළෙදසැලක් ඉදිකර තිබෙන අතර මෙම ඉදිකිරීම අනවසර එකක් බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ පිළිබදව නිවුස් 19 කළ සොයාබැලීමේදී වාර්තා වූයේ අංක 280/A, නාවල පාර නාවල යන ස්ථානයේ සිදුකරමින් පැවති අදාල ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවද මැදිහත්වී ඇති බවයි.

ඒ අනුව 2018-09-13 වන දින වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා දැනුම්දී ඇත්තේ මෙම ඉදිකිරීමට අදාල මානක හා ගොඩනැගිලි සැලසුම් ඉදිරිපත් කර නොමැති නිසාවෙන් අදාල ඉදිකිරීම අනවසර එකක් බවයි.

එමෙන්ම අදාල ඉදිකිරීම සම්බන්දයෙන් නාගරික මන්ත්‍රී සමිත ඉමදූවගේ මහතා 2018 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවෙදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුර ලෙස නාගරික ඉංජිනේරුවරයා දක්වා ඇත්තේ SJKMC/අගඉ/CN/54/2018 යනුවෙන් අනවසර ලිපිගොනුවක් මෙම කරුණ සම්බන්දව පවතින බවයි.

ඒ අනුව මෙම පරිශ්‍රයට අදාලව ලැබී ඇති පැමිණිල්ල අනුව තාක්ෂණ නිලධාරී විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර එහි ඉදිකිරීමට අදාලව අනුමත සැලසුම් දින 14 ක් ඇතුළත ලබාදෙන ලෙස දන්වා ඇතිමුත් එය ඒ වන තෙක් ලබා නොදුන් බවයි.

එමෙන්ම දළ සටහන් සදහා මිනුම් කටයුතු කිරීමට තාක්ෂණ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම අදාළ පරිශ්‍රය වෙත ගියද කිසිවෙකු එහි නොසිටි බැවින් ඉදිරි කටයුතු කිරීමට නොහැකිවී ඇති බව අදාල ලිපියෙහි දක්වා තිබෙනවා.

ඒ අනුව ඉන් වසර දෙකක් ඉක්මෙන වර්තමානය වන විට අදාල ඉඩමෙහි අනවසර ඉදිකිරීමක් සිදුකර එහි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් පවත්වාගෙන යාමට ඉඩමේ හිමිකරුවන් අදාල පාර්ශව වෙත අවස්ථාව හිමිකර දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...