31 C
Colombo
Friday, May 3, 2024

එක හොරෙක්ගෙ ප්‍රශ්නෙකදි ඔක්කොම හොරු ඉස්සරහට පනිනවා – සිරිසේන

- Advertisement -

එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ඊයේ (05) අනුරාධපුරයේ පැවති ශ්‍රීලනිප දිස්ත්‍රික් සම්මේලන රැස්වීම අමතමින්.

දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.

“ඊයේ මම මාතලේදී කරපු කතාව ගැන මගේ හිතවත් හුඟ දෙනෙක් කතා කරලා කිව්වා ‘ටොපේ ටොප් කතාව’ කියලා. තවත් සමහරු කීපදෙනෙක් මට කතා කරලා කිව්වා ‘කතාව ටිකක් සැර වැඩියි නේද ?’ කියලා. මම කතාව සැරට කරලා පෙන්නුවේ අපටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්නන්නයි. මොකද සමහර අය හිතාන ඉන්නවා බෑ කියලා.

සමහර අයට ලොකූවට දැන් බලය තියෙනවායි කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා. මේ රටේ දේශපාලනය 1956 බණ්ඩාරනායක මැතිතුමාගෙ ආණ්ඩුවෙ ඉඳලා මේ ආණ්ඩුව දක්වාම සියලු ආණ්ඩු සන්ධාන ආණ්ඩු, පෙරමුණු ආණ්ඩු. කවුරුවත් තනියෙන් හදපු ආණ්ඩු නෙවෙයි. මම හිතන්නෙ නෑ මේ රටේ ජනතාව මේ කාලයේ විඳින දුකේ හැටියට දේශපාලනඥයින්ට රැවටිලා ඊළඟ අවස්ථාව ඡන්දෙ දෙයිද කියලා.

තමුන්නාන්සෙලා මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පහුගිය අවුරුදු 15ක් 20ක් ඡන්දෙ දීලා තියෙනවා. හැබැයි හොරු නැති ආණ්ඩු හදන්න තමුන්නාන්සෙලා ඡන්දෙ දෙනවා, ඡන්දෙ ගත්තාට පස්සෙ ආණ්ඩුව හොරුන්ගෙ ආණ්ඩුවක් බවට පත්වෙනවා. මට යූඑන්පී එකත් එක්ක බොහොම ලස්සනට ගමනක් යන්න තිබුණා හොරුන්ට විරුද්ධව මම පියවර ගත්තෙ නැත්නම්. මහබැංකු වංචාවට මම ජනාධිපති කොමිසම දැම්මෙ නැත්නම් කිසිම ගැටුමක් ආණ්ඩුවෙ නැහැ. දේශපාලනයේ ඉන්න හොරකම් කරන එවුන් එකෙකුට ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඔක්කොම එකතුවෙලා ඌව බේරගන්න පනිනවා. දැන් මට වුණේ ඒකයි. විශේෂයෙන්ම මගේ ආණ්ඩුවෙ හිටපු හොරු, රනිල් වික්‍රමසිංහ මහත්තයලාගෙ කණ්ඩායමයි, මහබැංකුව කඩපු හොරුයි අද ඉන්න පොහොට්ටුවෙ නායකයොයි ඔක්කොම එකතුවෙලා මට ගැහුවා.

මම පැහැදිලිව කියන්නට ඕනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ, අපට එහෙම යන්න වුවමනාවකුත් නෑ. දැන් අපේ ප්‍රතිපත්ති මාලාව, ජාතික වැඩපිළිවෙල, මේ ඔක්කොම හදලා අපි රටට ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙලත් එක්ක කවුද එකතු වෙන්නෙ, ආන්න ඒ එකතුවීමට තමයි අපේ එකතුව තියෙන්නෙ. එහෙම නැතුව අපි කාගෙවත් නැට්ට වෙන්නෙ ලෑස්ති නෑ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕනෙ”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...