28.4 C
Colombo
Friday, April 26, 2024

එන්නත් පිළිබඳ මිත්‍යා මත විශ්වාස කරමින් එන්නත ලබා නොගත් එකම පවුලේ තිදෙනෙක් මරු තුරුළට

- Advertisement -

කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ එකම පවුලේ මව, පියා සහ පුතා වෛරසය වැළඳීමෙන් පසු සතියක් ඇතුළත මරණයට වූ පුවතක් පෘතුගාලයෙන් වාර්තා වී තිබෙනවා.

40 හැවිරිදි පුතා ෂෝල්,පියා බැසිල් (73) සහ මව චාර්මාන් (65) ජූලි 10 වැනි දින සති අන්තයේ පවුලේ රාත්‍රී ආහාර වේලක් සඳහා එකට සම්බන්ධ වීමෙන් පසු හදිසියේ රෝගාතුර වී තිබෙනවා.

ඊට පෙර මෙම පවුලේ පියා වකුගඩු රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි බවයි පැවස්න්නේ.

රෝග ලක්ෂණ ආරම්භ වී සති දෙකක් ඇතුළත ඔවුන් සියලු දෙනාම මිය ගොස් ඇති අතර පවුලේ ඉතිරි වුණු එකම සාමාජිකයා වන ෆ්‍රැන්සිස් ගොන්සාල්වේස් පවසන්නේ දින කිහිපයකට පෙර ඔහුගේ පියා රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට වෛරසය වැළඳී ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ සිට මෑතක පෘතුගාලයට සංක්‍රමණය වූ ඔහුගේ පවුල එන්නත් විරෝධී සාවද්‍ය තොරතුරුවලට බිය වූ බැවින් එන්නත ලබා නොගත් බව ෆ්‍රැන්සිස් පවසනවා.

තිදෙනාම ලිස්බන් හි සුසාන භූමියක මිහිදන් කෙරුණු අතර කොවිඩ්-19 දරුණුම අවස්ථාවල පවා එකම පවුලේ තිදෙනෙක් මිය ගිය අවස්ථා එරට විරල බව ෆ්‍රැන්සිස් පවසන්නේ දැඩි ශෝකයෙන්.

එන්නත් පිළිබඳ මිථ්‍යා මත හේතුවෙන් සිය පවුලට මෙම දරුණු ඉරණමට මුහුණ දීමට සිදු වූ බව පවසන ෆ්‍රැන්සිස් එන්නත් ලබා ගන්නැයි සියලු දෙනාගෙන් ආයාචනා කර සිටින බව The Sun පුවත්පත වාර්තා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...