25 C
Colombo
Monday, February 26, 2024

රැළියට මිනිස්සු ආවට අනුරට ඡන්ද නෑ..! – තුෂාර ඉඳුනිල්

- Advertisement -

මේ වනවිට රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට රජය එපා වී ඇති නිසා පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, රැස්වීම් සඳහා සහභාගි වන බව සමගි ජන බලවේගය පවසනවා.

කෙසේ නමුත්, ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුලාවක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පෙන්වා දෙන්නේ.

ඒ, ඊයේ නුගේගොඩදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ආණ්ඩු විරෝධී ජනතාව විශාල ප්‍රමාණයක් ඊයේ රැළියට සහභාගි වූ නමුත් ඔවුන් සියලු දෙනා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා නොදෙන බවත් තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

නිල්-කොල-රතු භේදයකින් තොරව, ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන රැස්වීම් සඳහා ජනතාව සහභාගි වන බවත්, ඊයේ ජනතාව පැමිණියේ අනුර කුමාර දිසානායක මහතාගේ පම්පෝරි ඇසීමට නොවන බව ඔවුන් තේරුම් ගතයුතු බවත් ඉඳුනිල් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...