27 C
Colombo
Thursday, April 24, 2025

අනුර ශානි රවී එකම වේදිකාවේ

- Advertisement -

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) සඳහන් කළා.

පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුලු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන බව මෙහිදි අනුර කුමාර මහතා පවසා තිබෙනවා.

තවද පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මෙහිදි අනුර මහතා වැඩිදුරටත් කියා සිටියා.

මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පෙරවරුවේ පැවති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබුණා.

මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES