32 C
Colombo
Sunday, June 4, 2023

හොංකොංහි අවසාන ප්‍රජාන්ත්‍රවාදී පුවත්පත වන ඇපල් ඩේලි පුවත්පතත් වසා දමයි

- Advertisement -

හොංකොං හි විශාලතම සහ ප්‍රජාතන්ත්‍රවාදී ලැදි පුවත්පත ලෙස සැලකෙන ඇපල් ඩේලි පුවත්පත ජුනි 26 වෙනි සෙනසුරාදා මුද්‍රණයෙන් පසු සම්පූර්ණයෙන් වසා දමන බව පුවත්පත ප්‍රකාශයට පත් කරන නෙක්ස්ට් ඩිජිටල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩලය කණගාටුවෙන් යුතුව දැනුම් දී තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් සහ පුවත්පතේ වත්කම් අත්හිටුවීම හේතුවෙන් පුවත්පත පවත්වාගෙන ගියේ අසීරුතා රැසක් මධ්‍යයේ බවයි පැවසෙන්නේ.

පුවත්පතේ ඩිජිටල් සංස්කරණය ද ඒ අනුව තවදුරටත් පළ නොකරන බව ද සමාගම පවසනවා.

චීනය පිළිබඳ සත්‍ය ආවරණය කිරීම හේතුවෙන් දිගින් දිගටම බලධාරීන් පුවත්පතේ සංස්කාරකවරුන්ට සහ සමාගම් හිමිකරුවන්ට තර්ජනය කරමින් පුවත්පත පළ කිරීමට එරෙහිව බාධා සිදුකර තිබෙනවා.

පසුගිය වසරේ පැනවූ මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ පුවත්පත වටලා එහි වත්කම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

විදේශ රටක් හෝ විදේශීය හමුදාවක් සමඟ කුමන්ත්‍රණය කළ බවට සැක කරමින් බදාදා හොංකොං පොලිසිය පුවත්පතේ තීරුලිපි රචකයකු අත්අඩංගුවට ගෙන ඇති බවද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...