32 C
Colombo
Saturday, March 25, 2023

ආවා! ආවා! ඇපල් හෝම් පොඩ් මිනි!

- Advertisement -

බොහෝ අය කාලයක් තිස්සේ බලා සිටි උපකරණයක් වන ඇපල් හෝම්පොඩ් මිනි උපකරණය නොවැම්බර් 11 වැනි අඟහරුවාදා එළියට ආවා. එහි හැඩය ඉතා හුරුබුහුටියි.

පුංචි දොඩම් ගෙඩියක් ප්‍රමාණයේ ඩොලර් අනූනවයක් හෙවත් රුපියල් විසිදාහක් පමණ වටිනා ඇපල් ස්පීකරයක්. 2020 අවුරුද්දේ තිබෙන කලබල මදිවාට, අපට අඩුවකට තිබුණේ එච්චරයි කියා කෙනෙක් කියාවි. කෙසේ වෙතත් කිලෝවක් පමණ බර, මඳක් උස මහත ඇපල් හෝම් පොඩ් උපකරණය 2018 දී එළිදැකීමෙන් පසු, එහි වඩා කුඩා වර්ෂන් එකක් දකින්නට බොහෝ ‘තාක්ෂණ පිස්සන්’ (එය මිලදී ගන්න මුදල් තිබුණත් නැතත්) ආසාවෙන් සිටියා.

බොහෝ අය හෝම් පොඩ් මිනි උපකරණය අගයනවා. අංක එකේ ප්‍රශ්නය හඬ ප්‍රමිතිය. බොහෝ අය හිතනවාටත් වඩා ප්‍රමිතිය හොඳ බව උපකරණය මිලදී ගෙන අල්ලා හොල්ලා දිව ගා ‘රස බැලූ’ තාක්ෂණ විචාරකයන් කියනවා. ඒ කියන්නේ ඉතා පුංචි ඉඩකඩක් තුළ අමුණන ලද ස්පීකරයකින් ගන්නට පුළුවන් උපරිම ප්‍රමිතිය.

ස්මාට් ස්පීකරයකින් කරන්න පුළුවන් හැමදේම මෙයින් කළ හැකියි. (ප්‍රමාණයෙන් විශාල ඇපල් හෝම් පොඩ් එක වාගේ දොර අඩයක් ලෙස පාවිච්චි කරන්න නම් බැහැ. එහෙත් අවාසියක් නැහැ. හෝම් පොඩ් මිනි එක හොර පූසන් එළවන්නට ගල් ගෙඩියක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් නිසා.)

හඬ ගමන් කිරීම පහසු වන ඇපල් හෝම් පොඩ්හි ඇති වර්ගයේම රෙදි ආවරණයකින් යුක්තයි. එයට ඉහළින් හෝම් පොඩ්හි තිබුණා වාගේ ස්මාර්ට් තිරයක් තිබෙනවා. ඇපල් ස්මාට්ෆෝන් එක ළං කළාට පසු ඉබේ මැෂිම ආරම්භ වෙනවා. ඔබේ කටහඬින් ‘හේ සිරි’ කියා ගීත වාදනය කරවාගත හැකියි. හෝම් පොඩ් මිනි උපකරණයේත් වයර්වලින් කිසිවක් සම්බන්ධ කරන්න බෑ. එහි ඇති එකම වයරය විදුලිය ලබාගන්නට ඇති කේබල් එක පමණක්. ඒකත් යන්ත්‍රයට සම්බන්ධ වී තිබෙන එකක්. යන්ත්‍රයෙන් ගලවන්න බැහැ.

2020 අවුරුද්ද වන විට ලෝකයේ ජනප්‍රියම තාක්ෂණ උපකරණ වර්ගයක් වන්නේ ‘ස්මාර්ට් ස්පීකර්’. ගූගල් හෝම්, ඇපල් හෝම් පොඩ්, ඇමසන් ඉකෝ යන උපකරණ ඒ අතර ඉදිරියෙන්ම සිටියත් මේ වෙද්දී ලෝකයේ බොහෝ සමාගම් එම සමාගම් තුනේ උපකරණවලට වඩා අඩු මිලට ස්මාර්ට් ස්පීකර්ස් නිපදවනවා. ඒ අතින් ගත්තාම ලංකාවේ පුංචි මුදලක් අතේ ඇති කෙනෙකුට සාපේක්ෂව පුංචි මිලකට ස්පාර්ට් ස්පීකරයක් මිලදී ගන්න පුළුවන්. (ප්‍රමිතිය මිලට ගන්න බැරි බව ඇත්ත.)

ඇපල් හෝම් පොඩ් උපකරණය එළියට ඇවිත්, මුළු වෙළඳපොල ආක්‍රමණය කරනු ඇතැයි සිතුවාට, ඒ උපකරණය හිතූ තරම් සාර්ථක වුණේ නැති බව තාක්ෂණ විචාරකයන් කියනවා. එයට හේතුව තරගකරුවන් රැසක් සිටීම. අනෙක් හේතුව ඇපල් හෝම් පොඩ් මිලෙන් අධික වීම. ඒ නිසා ඇපල් උපකරණවලටම කැමති මුදල් තිබෙන පුද්ගලයන් පමණක් හෝම් පොඩ් මිලදී ගත්තා.

ඇමසන් ඉකෝ මුල්වරට පැමිණීමෙන් පසු තමයි අනෙකුත් උපකරණ පෙළ එළියට ආවේ. ඇලෙස්කා නම් ඇමසන්හි කෘත්‍රිම බුද්ධිය සමඟ සම්බන්ධ වූ අපූරු උපකරණයක් ලෙස එය ජනප්‍රිය වෙද්දී ගූගල් සහ ඇපල් සමාගම් එයට ප්‍රතිචාර දක්වමින් තමන්ගේ උපකරණ නිපදවූවා.

විශාල ප්‍රමාණයේ ඇමසන් ඉකෝ, ගූගල් හෝම් සහ ඇපල් හෝම් පොඩ් පැමිණීමෙන් පසු,  ඒ හැම සමාගමක්ම වඩා කුඩා ප්‍රමාණයේ අතේ ගෙන යා හැකි උපකරණ නිපදවන්න පටන්ගත්තා. ‘අඳින්න මිනි ගවුම අඳින්න’ වාගේ ‘මිනි’ උපකරණ පෙළක් ආවේ ඒ අනුව. ඇපල් හෝම් පොඩ් මිනි යනු එලෙස නිපදවූ කුඩා උපකරණය.

‘ඇමසන් ඉකෝ ඩොට් 3 ජෙනරේෂන්’ ස්පීකරයක් රුපියල් 12000කට පමණ මිලදී ගත හැකියි. එම වර්ගයේම ‘4 ජෙනරේෂන්’ ස්පීකරයක් රුපියල් 19,000කට පමණ මිලට ගත හැකියි. ගූගල් හෝම් පොඩ් මිනි ස්පීකරයක්ද රුපියල් 20,000කට ආසන්න මිලකට නියම වනු ඇති.  ගූගල් නෙස්ට්  මිනි ස්පීකරයක් රුපියල් 15,000ක මිලට ගත හැකියි.

ඇමසන් ඇලෙක්සා හෝ ගූගල්හි ඇති කෘත්‍රිම බුද්ධියට වඩා ඇපල්හි සිටින ‘සිරි’ වඩා දියුණු බව සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනවා. අනෙක ඔබ සතුව ඇපල් දූරකථන, අයිමැක්, මැක්බුක් ආදී උපකරණ සියල්ල තිබෙන්නේ නම්, ඒවාට ගැලපෙන උපකරණය ඇපල් හෝම් පොඩ් මිනි විය හැකියි.

ඇපල් හෝම්පොඩ් මිනි උපකරණය සාමාන්‍යයෙන් ඇපල් සමාගම සතු නොවන වෙනත් සමාගගම්වල උපකරණ හා සම්බන්ධ කරගන්නන බැහැ. ඒ නිසා විවෝ ස්මාර්ට්ෆෝන් එකක් තියාගෙන, අතේ වැඩිපුර සල්ලි ටිකක් තිබුනු පළියට ‘හෝම් පොඩ් මිනි’ එකක් මිලදී ගන්න එපා.

ඒ අනුව,

ඔබට මහා සද්දෙන් නැතිව, කරදරයක් නැතිව තමන්ගේම කටෙන් විධානයක් දී ගීතයක් වාදනය කරවාගැනීමේ විශාල වුවමනාවක් තිබෙනවානම්, ඒ අවශ්‍යතාව වෙනුවෙන් රුපියල් 20,000ක් පමණ විසි කිරීමේ හැකියාවත් තිබෙනවානම් ඇපල් ෆෝන් තිබෙනවානම් ඇපල් හෝම් පොඩ් මිනි ඔබට සුදුසුයි.

එසේ නැතත්, තාක්ෂණය ගැන අවබෝධය ලැබීමේ වුවමනාව තිබේ නම්, ඔබට ඇපල් හෝම් පොඩ් මිනි තාක්ෂණය ගැන පුදුම විය හැකියි. ඒ වගේම, පුංචි තාක්ෂණ සමාගම් මේ තාක්ෂණය පිටිපස්සෙග් ගොස් තව අවුරුද්දකින් දෙකකින් ඔබේ ඇති මුදලට ගැලපෙන මේ සයිස් එකේ ස්මාර්ට් ස්පීකරයක් නිපදවන බව දැනගෙන ඉවසන්නත් පුළුවන්.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...