29 C
Colombo
Saturday, July 27, 2024

වසර 12කට පසු Samsung අභිබවා ගිය Apple

- Advertisement -

වසර 12කට පසු ප්‍රථම වතාවට Samsung සමාගම ප්‍රමුඛ ස්ථානයෙන් ඉවතට ඇද දමමින් Apple සමාගම ගෝලීය smartphones වෙළඳපොළේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) දත්තවලට අනුව පසුගිය වසරේ නැව්ගත කරන ලද smartphonesවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකානු දුරකථන දැවැන්තයා වන Apple සමාගම සතු වූ බව වාර්තා වනවා.

සමස්තයක් ලෙස පසුගිය වසරේ smartphones බිලියන 1.2 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව IDC වාර්තා පෙන්වා දෙනවා.

එය පෙර වසරට වඩා 3% ක පහත වැටීමක් ලෙස සැලකිය හැකියි.

ආර්ථික අභියෝග සහ ඉහළ පොලී අනුපාත හමුවේ බොහෝ පාරිභෝගිකයින් smartphones මිලදී ගැනීම අඩු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ මෙම වසරේදී smartphones වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...