33 C
Colombo
Friday, May 3, 2024

ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

- Advertisement -

සිය 1000 වැනි තරගයට ක්‍රීඩා කළ ලියොනල් මෙසීගේ විශිෂ්ඨ ක්‍රීඩා විලාසය දෙවරක් ලෝක ශූරයන් වූ ආර්ජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට කැඳවා ගෙන යනු ලැබුවා.

ඔවුන් හමුවේ පරාජයට පත් වුණේ ඕස්ට්‍රේලියාවයි.

තරගයේ 35 වැනි මිනිත්තුවේදී සුපිරි ක්‍රීඩක මෙසී, නිල් හා සුදු ඉරි ටී ෂර්ට්වලින් හැඩවුණු ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කළා.

එය මෙසී පෞද්ගලිකව රැස්කළ 789 වැනි ගෝලය වූ අතර ආර්ජන්ටිනාව වෙනුවෙන් රැස් කළ 94 වැනි ගෝලයයි.

ඒත් සමගින් ඩියාගෝ මැරඩෝනා පසු කර ගිය මෙසී ගබ්‍රියෙල් බැටිස්තූතාට වඩා එක් ගෝලයක් පසුපසින් සිටින්නේ ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන ගෝල 9ක් හිමි කරගනිමින්.

තරගය පුරාම දෙපයින් නැගිට ගී ගයමින් සිටි ආර්ජන්ටියානු ප්‍රේක්ෂකාගාරය මන්මත් කළ Julian Alvarez තරගයේ 57 වැනි මිනිත්තුවේදී මැට් රයන් සිදුකළ අත්වැරැද්දට උපරිම දඬුවමක් ලබා දුන්නේ 2 – 0 ක් ලෙස තරගයේ වැඩි ගෞරව ආර්ජන්ටිනාවට අත් කර දෙමින්.

තරගයේ 77 වැනි මිනිත්තුවේදී Julian Alvarez විස්මයජනක පා පහරකින් ගෝලයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවට යම් ජීවයක් රැගෙන ආවා.

එහි පන්නරයෙන් Aziz Behich ආර්ජන්ටියානු ආරක්ෂකයින් සිව්දෙනෙක් පරාජය කරමින් තනිව රැගෙන ආ පන්දුව Lisandro Martinez සුරැකිව ඩැහැ නොගන්නට තරගයේ තීරණය වෙනස් වන්නට ඉඩ තිබුණා.

මේ අතර කණ්ඩායම් 16 වටයේ තවත් තරගයක් නෙදර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වුණේ දෝහා කලීෆා ක්‍රීඩාංගනයේදී.

Christian Pulisic ට තරගයේ තුන්වැනි මිනිත්තුවේදි මග හැරුණු පහසු අවස්ථාව මිල කළ නොහැකි බව පෙන්නුම් කරමින් පාපන්දු ලෝක කුසලාන ගමන අතරමග නතර කරන්නට ඇමෙරිකාවට සිදු වුණා.

තරගයේ 10 වැනි මිනිත්තුවේදී ලන්දේසි ආධිපත්‍ය පැතිරවූ Memphis Depay හා පළමු අර්ධයේදීම එක් වූ Daley Blind 2 – 0 ක් ලෙස නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට සමීප කළා.

Haji Wright 76 වැනි මිනිත්තුවේදී ඇමෙරිකාව වෙනුවෙන් ගෝලය ලබා ගත්තා ද ඒ වන විට ඔවුන් බොහෝ පමා වී තිබුණා.

Denzel Dumfries නෙදර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේ 81 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබා ගනිමින්.

RECENT ARTICLES - SINHALA

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...