32 C
Colombo
Saturday, April 20, 2024

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඒ, ඊයේ (01) දින මහනුවර දළඳා මාලිගාව වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සොරකම් නොකරන, ඩීල්කාරයන් නොමැති කණ්ඩායමක් පක්ෂ දේශපාලනයෙන් තොරව එක්වූවහොත් රට ගොඩනැගීමට හැකි බවත් ඔහු පවසනවා.

මෙරට මුදලටම යටත් වූ රටක් බවට පත්ව තිබීම අවාසනාවට කාරණාවක් බවත් තමන් පක්ෂ දේශපාලනයට අකමැති අයෙකු බවත් ව්‍යාපාර කටයුතු වලින් ජීවත් වන තමාට සොරකම් කිරීමට අවශ්‍ය නොමැති බවත් ඔහු පවසනවා.

එබැවින් රටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා ඉදිරිපත් වන බවත් රණතුංග මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...