29 C
Colombo
Saturday, July 27, 2024

කෘත්‍රීම බුද්ධිය පාඨමාලාවක් ලෙස පාසල් පද්ධතියට

- Advertisement -

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව එය පාඨමාලා හඳුන්වා දීමට නියමිතයි.

එම උපාය මාර්ග සැලැස්මේ එක් අංගයක් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.

එම නියමු ව්‍යාපෘති මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව පහත පරිදි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

1.දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මුලික මානව සම්පත් පවතින පාසල්වල 8 වන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. 

2.මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පාසල් ඩිජිටල්කරණය කිරීම.

3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුවරු 100ක් මයික්‍රොසොෆ්ට් ආයතන මඟින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීම.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...