25.3 C
Colombo
Monday, March 4, 2024

මොරටුවෙ IT උපාධිය ගත්තු ගමන් පෝර්ට් සිටියෙ රස්සාව ලැබෙනවා – ජයන්ත

- Advertisement -

කොළඹ වරාය නගරයේ ආ‍යෝජනය කළවිට ලෝක ජනගහණයෙන් 50%කටම ප්‍රවේශවීමට අවස්ථාව ලැබෙන බව දැනගත් පසුව ඊට ආයෝජකයින් වැසි වසින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මෙතන ආයෝජනය කළොත් ලෝක ජනගහණයෙන් 50%කට පමණ, සම්පූර්ණ ජනගහණයෙන් 50%කට පමණ ප්‍රවේශ වීමට අවකාශ ලැබෙනවා. ආන්න ඒක දැනගත්තාම තමයි ආයෝජකයෝ මේකට වැහි වහින්නේ.

මෙතන අපි ඊයෙ පටන්ගත්තෙ සිංගල් වින්ඩෝ ඉන්වෙස්ටර් ෆැසිලිටි එකක්. එක කවුළුවකින් සේරම කරගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ට මොන තරම් ඩිමාන්ඩ් එකක් අවශ්‍යතාවයක් ඇතිවෙනවාද කිව්වොත් සාමාන්‍යයෙන් කියන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙන් පිටවෙනකොටම ඒ උපාධිධාරියාව අවශ්‍ය වෙනවා මෙතෙන්ට. ආන්න එහෙම තත්වයක් තමයි මෙතන ඇතිවෙන්නෙ” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...