28 C
Colombo
Saturday, July 27, 2024

වෑන් රථයකින් නිවසට පැමිණි පිරිසක් අසේල සම්පත්ව පැහැරගෙන යයි

- Advertisement -

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයාගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, තම පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට මෙසේ පැහැරගෙන ගිය බවත්, එහිදී ඔහුට පහර දුන් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචි අසේල සම්පත්ගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි පැවසුවේ තම පියා රැගෙන ගිය පිරිස සුදු පැහැති වෑන් රථයකින් පැමිණි බවත්, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පැවසූ බවත් ය.

තමන් ඔවුන්ගෙන් රාජකාරි හැඳුනුම්පත් ඉල්ලා සිටියද, ඔවුන් එවැනි කිසිදු අනන්‍යතාවක් හෙළි නොකළ බවත්, ඒ වෙනුවට සිය පියාට මුව ආවරණයක් හෝ පැළඳ ගැනීමට ඉඩක් ලබානොදී පහර දී බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් ඇය සඳහන් කළාය.

අවුරුදු 18ක් වයසැති සිය සහෝදරයා මේ අවස්ථාවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුත්තකට සම්බන්ධ වී සිටි බවත්, අදාළ පිරිස ඔහු ළඟ තිබූ දුරකතනය ද පැහැරගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසීය. අද (25) රාත්‍රී 8.30ට පමණ මේ සිදුවීම සිදු වූ බවත්, තමන් වහාම පදිංචි ප්‍රදේශය අයත් පොලිස් ස්ථානය වන පිළියන්දල පොලිසියට ගියද, ඔවුන් පැමිණිල්ල බාරගැනීම සෑහෙන වේලාවක් ප්‍රමාද කළ බවත් සඳහන් කළ ඇය, අවසානයේදී බරපතළ ලෙස ඉල්ලීම් කිරීමෙන් පසු පැමිණිල්ල ලියාගත් බව ද පැවසීය.

පිළියන්දල පොලිසියේ අද දිනැති 196/171 පැමිණිලි අංකය යටතේ අදාළ පැමිණිල්ල සටහන් වී තිබේ.

මේ අතර, අප කළ විමසීමකදී පිළියන්දල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට තමා දැනුවත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...