33 C
Colombo
Friday, May 3, 2024

2023 ආසියානු කුසලාන තරගාවලිය අද

- Advertisement -

සත්කාරක පාකිස්තානයට තමන්ගේ භූමියේ පළමු වටයේ එකම තරගය අද

නේපාලය සිය මංගල ආසියානු කුසලාන පරිච්ඡේදය ආරම්භ කරන්නේ අදයි. එපමණක් නොව ඔවුන් කුමන හෝ ආකෘතියක තරගයකින් පකිස්ථානය මුණගැසෙන්නේ ද පළමු වතාවටයි. එය ඔවුන්ට දැවැන්ත අවස්ථාවක්, පිටියේ කුමක් සිදු වුවද අද නේපාලයට අනුස්මරණීය දිනයකි.

නේපාලය මෙවර ආසියානු කුසලානයේ සිටීමම ඔවුන්ගේ ක්‍රිකට් නැගී සිටීම තහවුරු කිරීමක්. ඔවුන් සුදුසුකම් ලබා ගන්නේ පසුගිය ආසියානු කුසලාන තරඟාවලි සඳහා සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං වැනි කණ්ඩායම් අභිබවා කණ්ඩායම් දහයකින් සමන්විත ACC පිරිමි ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනිමින්. ඊට පෙර, ඔවුන් එක්දින ලෝක කුසලාන ලීග් 2 තරග 12 කදී ජයග්‍රහණ 11 ක් ලබාගෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්ථානයක් වෙන් කර ගත්තා.

2018 දී ජාත්‍යන්තර එක්දින වරම් ලබාගෙන ඇති නේපාලය මේ වන විට ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයට පත්ව සිටිනවා. 2027 මීළඟ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 14ක් ඇතුලත් වන බැවින්, ඔවුන් සිටින්නේ විශාල සිහිනයක් සාක්ෂාත් කර ගැනීමේ දොරකඩට ඉතා සමීපවයි.

මේ අතර පකිස්ථානය ඔවුන් තාක්ෂණික වශයෙන් සත්කාරකත්වය දරන තරඟාවලියක තම භූමියේ පළමු වටයේ එකම තරගයට අද මූල්තාන් හිදී පිටියට පිවිසෙනවා. සුපිරි 4 දෙනා අතරට සුදුසුකම් ලැබුවහොත් පාකිස්තානයට තවත් එක් තරගයක් ලාහෝර් හිදී ක්‍රීඩා කිරීමට ඉඩ ලැබෙනු ඇති. ඒ අනුව තම වීරයන්ගේ දුර්ලභ දසුනක් දකින්නට නම් පාකිස්තානුවන්ට සෙල්සියස් අංශක 38ක් පමණ විය හැකි බවට පුරෝකථනය කර ඇති උෂ්ණත්වය නොතකා හැරීමට සිදු ව තිබෙනවා.

පාකිස්තානය ඔවුන්ගේ පළමු පිතිකරුවන් තිදෙනා මත ඕනෑවට වඩා යැපීමෙන් වසර ගණනාවකට පසු, අත්‍යවශ්‍ය එක්දින මැද පෙළක් ශක්තිමත් කර ගැනීමට පටන් ගෙන ඇති අතර එහි වැඩි ගෞරව හිමි විය යුත්තේ සිය පළමු තරග 14 අවසානයේ ලකුණු 40කට වැඩි සාමාන්‍යයක් සහ 100කට වැඩි ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන යන ආගා සල්මාන් වෙතයි.

එක්දින තරග 50කට පසු 19.93ක සාමාන්‍යයක් තිබීම එතරම් ප්‍රබල නොවන නමුත් දිපේන්ද්‍ර සිං අයිරී ආසියානු කුසලානයට පැමිණෙන්නේ මහත් විශ්වාසයකින්. මැදපෙළ පිතිකරු ජූලි මාසයේදී සිම්බාබ්වේ හි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී නොදැවී ලකුණු 79ක් රැස්කරමින් එක්සත් අරාබි එමීර් සමග හත්වැනි ස්ථානය සඳහා වූ තරගයේදී නේපාලය කඩුලු තුනක ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. ඉන්පසුව ඔහුට Global T20 Canada තරඟාවලියේදී Andre Russell, Shakib Al Hasan සහ Chris Lynn වැනි ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ අතර එහිදී ඔහු මොන්ට්‍රියල් ටයිගර්ස් වෙත ශූරතාව හිමි කර දීම සඳහා කැපී පෙනන දායකත්වයක් පිත්තෙන් දැක්වූවා.

අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති කණ්ඩායම්

පාකිස්තානයට තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ බොහෝ ගැටලු ඇති අතර, පසුගිය ජුලි මාසයේ නේපාලයට එරෙහිව පාකිස්තානු A කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගත් මොහොමඩ් වසීම් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට නම් ෆහීම් අෂ්රෆ් හෝ මොහොමඩ් නවාස් හෝ දෙදෙනාම ඉවත් කිරීමට සිදුවනු ඇත.

පකිස්ථානය : 1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බාබර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 5 ආගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 ෆහීම් අෂ්රෆ්/මොහොමඩ් නවාස්/මොහොමඩ් වසීම්, 9 ෂහීන් ෂා අෆ්රිඩි, 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සෝම්පාල් කාමිගේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය කෙටි වුණා. ඔහු යළි එක්දින පිටියට පැමිණෙමින් කරන් කේ.සී. සමග නේපාල වේග පන්දු බලඇණිය සවිමත් කිරීමට සූදානමින් සිටිනවා.

නේපාලය :නේපාලය : 1 කුෂල් බූටෙල් Kushal Bhurtel, 2 අසීෆ් ෂෙයික් Aasif Sheikh (කඩුලු රකින්නා), 3 භිම් ෂාර්කි Bhim Sharki, 4 රෝහිත් පෞඩෙල් Rohit Paudel (නායක), 5 කුෂල් මල්ලා Kushal Malla, 6 දිපෙන්ද්‍ර සිං අයිරේ Dipendra Singh Airee, 7 ගුල්සන් ජා Gulsan Jha, 8 සොම්පල් කාමි Sompal Kami, 9 කරන් කේ.සී. Karan KC, 10 සන්දීප් ලාමිචානේ Sandeep Lamichhane, 11 ලලිට් රාජ්බන්ෂි Lalit Rajbanshi

තණතීරුවේ ස්වභාවය

පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ පාකිස්තාන සංචාරයේදී එක්දින තරග තුනම පැවැත්වුණේ මූල්තාන් හිදීය. පළමු එක්දින තරගයේදී පාකිස්තානය ලකුණු 306ක් හඹා ගිය අතර තරග තුනේදීම පළමු ඉනිමේ ලකුණු 250කට වැඩි ප්‍රමාණයක් රැස් කෙරුණා. එම තරගමාලාවේ හොඳම කඩුලු දවාගත් ක්‍රීඩකයින් තිදෙනා වූයේ මොහොමඩ් නවාස්, ෂඩාබ් ඛාන් සහ අකේල් හොසේන් වන අතර, තණතීරුවේ ස්වභාවය එලෙසම පවතින්නේ නම්, දඟපන්දු යවන්නන්ට නැවතත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වනු ඇති. කාලගුණය උණුසුම් හා වියලි වනු ඇතැයි අපේක්ෂා කරන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30හි උපරිම අගයක් දක්වා ඉහළ යනු ඇති.

RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...