27.8 C
Colombo
Saturday, June 21, 2025

ආසියානු කුසලානය ඉන්දියාවට

- Advertisement -

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අද (17) අද පැවැති අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට පන්දු යැවීමක නිතර වු මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් සහ ජස්ප්‍රිට් බුම්රා සහ එක් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එක් දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන මෙන්ම ආසියානු කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන මෙම තරගයේදී වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES